Blogger Tricks
Blogger Tips and TricksLatest Tips For BloggersBlogger Tricks

Pages

Thursday, August 29, 2013

සිංහල ටයිප් කරන විදිහ විනාඩි 5න් ලුණු ඇබුල් ඇතුව ඉගෙනග්නිමු

සිංහල ටයිප් කරන විදිහ විනාඩි 5න් ලුණු ඇබුල් ඇතුව ඉගෙනග්නිමු


මම අද කියලා දෙන්න යන ක්‍රමය තමයි දැනට ලෝකයේ තියන සිංහල ටයිප් කරන්න පහසුම ක්‍රම වලින් එකක් .. මෙම ක්‍රමය විනාඩි 5 ත් 10 ත් අතර කාලය තුල පහසුවෙන් ඉගෙන ගත හැකි අතර මෙය ජාතියන්තර ප්‍රමිති අනුවසකසා ඇත..  බ්ලොග් පිටු/ ‍ෆේස්බුක් චැට් බොක්ස් /නොට් පෑඩ් වැනි  ඕනෑම තැනක සිංහල ටයිප් කිරීමේ පහසුකම ලබාදී තිබෙනවා 

ඉතින් මොකක්ද මේ ?

  මෙය ගුගල් වලින් නිපදවා නොමිලේ ලබාදෙන ජාතියන්තර ප්‍රමිති අනුව සකසපු මෘදුකාංගයක් සිංහලෙන් කියනවනම් ‍සොෆ්ට්වෙයා එකක් 
---------------------------------------------------------------------------
මෙම ලිපිය කොටස් 3 කින් දැක්විමට බලාපොරොත්තු වෙනවා එනම්  

  • මෙය නිසිඅකාරව පරිගනකයේ ස්ථාපනය කරන ආකාරය 
  • මෙය පරිහරණය කරන ආකාරය 
  • මෙහි ඔබ දැනගතයුතු වැදගත් ස්ථාන හා කරුණු හා ගැටළු වලට පිළිතුරු 

---------------------------------------------------------------------------
කියන්න බැරි උනා මේ මෘදුකාංගය ඉන්ස්ටෝල් කරන්න කලින් පරිගනකයේ සිංහල යුනිකේත ස්ථාපනය කරලා ඉන්න ඕනි සිංහල යුනිකේත මෙතනින් ගන්න 

මෙය නිසිඅකාරව පරිගනකයේ ස්ථාපනය කරන ආකාරය 
මුලින්ම ඔබ මෙම ලින්ක් එක මගීන්   Input Tools for Windows වෙය්හ යන්න 
ඉන්පසු පහත රුපයේ පරිදි අංක......
1 ස්ථානයට sinhala තෝරාගන්න 
2 ස්ථානයට හරියක් යොදන්න 
ස්ථානයට download තෝරාගන්න 
ඉන්පසු මෙය ඩවුන්ලෝඩ් කර ඉන්ස්ට්‍රෝල් කරන්න 
...........................................................
දැන් ඔබේ පරිගණකයේ සෙටින්ග් සකසා ගතයුතුය 
ඒ සදහා ඔබගේ පරිගනකයේ 
Control Panel → Regional and Language Options →   වෙතයන්න 

ඉන්පසු පහත පරිදි ලැබෙන මෙනුවේ අංක 1 ස්ථනයේ ඇති Languages සිලෙක්ට් කරන්න ඉන්පසු අංක 2 ක ස්ථනයේ ඇති  DETAILS තෝරාගන්න   

















............................................................
ඉන්පසු ලැබෙන මෙනුවෙන් අංක 1 ස්ථනයේ ඇති ADVANCED යන ස්ථානය සිලෙක්ට් කර අංක 2 ස්ථානයේ ඇති පරිදි සෙටින්ග් සකසා ගන්න 
























දැන් මෙම මෙනුවේම පහත පරිදි අංක 1 ස්ථානයේ ඇති   settings මත ක්ලික් කර ඉන්පසුව අංක 2 ස්ථානයේ පරිදි  Language Bar තෝරාගන්න 


















ඉන්පසු ලැබෙන මෙනුවෙන් පහත පරිදි සෙටින්ග් සකසා ගන්න 









දැන් ඔබගේ පරිගණකය මෙය සදහා අවශ සියලුම සෙටින්ග් සකසා අවසානය 

මෙය පරිහරණය කරන ආකාරය 

ඔබ ඉහත සෙටින්ග් නිවැරදිව සකසා ගත්තේනම් ඔබගේ ටාස්ක් බාර් එකේ පහත පරිදි අයිකන් එකක් දිස්වනු ඇත  

 දැන් ඔබට සිංහල ටයිප් කලයුතු ස්ථානය ඕපන් කර ඒ මත  ක්ලික් කර (උදාහරණ නෝට් පෑඩ් එක) ඉන්පසුව ටාස්ක් බාර් එකේ  ඇති EN ස්ථානය ක්ලික් කර ලැබෙන මෙනුවෙන් SI තෝරාගන්න 
















ඉන්පසු ඉහත  සිංහල තෝරාගත් පසු පහත පරිදි ඉට ඉදිරියෙන් ඇති අයිකනය ක්ලික් කර Google Input Tool තෝරාගන්න 


දැන් බලමු පහසුවෙන් සිංහල ටයිප් කරන ආකාරය 

දැන් ඔබ යමක් ටයිප් කළහොත් එම අකුරු වලට අදාළ සිංහල අකුරු ටයිප් වේ 
උදහරබ 
දැන් ඔබ ඔබගේ කීබෝඩ් එකෙන් "mama" ලෙස ටයිප් කර ස්පේස් කලවිට්  "මම"  ලෙස ටයිප් වෙනු ඇත 
පහත රුපය බලන්න 















මෙහිදී ඔබ ටයිප් කල යුත්තේ "සින්ග්ලිශ්" වලිනි එවිට් එය සිංහල වලට හැරේ

 උදාහරණ 

Mama ada enavaa 
මම අද එනවා 

oba haTTh enavada 
ඔබ හෙටත් එනවද 

mama kaama kanava 
මම කෑම කනවා 

Deyiyane kiyalaa kmenT ekak dalaa yanna 
දෙයියනේ කියලා කමෙන්ට් එකක් දාලා යන්න 

මෙහිදී සැම වචනයක් අවසානයේදීම ස්පේස් ක්ලික් කලයුතුය 

මෙහි ඔබ දැනගතයුතු වැදගත් ස්ථාන හා කරුණු හා ගැටළු වලට පිළිතුරු 


මෙය භවිතා කරනකොට පැටලෙන්න තැන් 

  යම් අකුරකට අවසානයේ E යෙදු විට එය කොමබුවක් සහිත අකුරක් වේ / E පමණක් යෙදුවොත් එය "ඒ" වේ  

E  ඒ 

LE ලේ 
ME මේ 
KE කේ 

යම් අකුරකට අවසානයේ  I එකතු කලවිට් ඉස්පිල්ලක් එකතුවේ / E පමණක් යෙදුවොත් එය "ඉ" වේ  

I     ඉ   

LI    ලි 
MI   මි 
KI   කි 

යම් අකුරකට අවසානයේ u යෙදුවොත් පාපිල්ලක් එකතුවේ / U පමණක් යෙදුවොත් එය "උ" වේ  

U     උ

LU  ලු 
MU මු 
KU කු 

T  ට වන අතර   Th ත වේ 


ස්තුතියි 


පසුව ලියන ලදී 
සෙටින්ග් සකසා ගැනීම පිළිබද ගැටළු ඇතිවුන යාලුවන්ට මෙම වීඩියෝව මගින් අවශ විස්තර ලබාගත හැක  


Share This To :

Related Posts

0 comments:

Post a Comment